Friday, April 5, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..5 වන කොටස

දි.ගැ.නි මිශනාරිවරුන් පින්තූරය පිළිගැනීම

පින්තූරය පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව සදාසරණ මෑණියන් පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීමට එම පින්තූරය ශු.අල්පෝන්සුස් මුනිතුමාගෙ  දේවස්ථානයට රැගෙන ඒමේ අවශ්‍යතාවය මිෂනාරීන් තුළ ඇතිවිය. එහෙයින්  එවකට දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායෙ ශ්‍රේෂ්ඨ පියතුමා ව සිටි අති අතිගරු නිකලස් මෝරෝන් පියතුමා විසින් සදාසරණයේ  දේවමාතාවන් වහන්සේගේ පින්තූරය අලුතින් නිමවන ලද ශු. අල්පෝන්සුස්  මුනිතුමාගෙ දෙව්මැදුර වෙත ගෙන ඒම අවසරය ඉල්ලා නමවන පියුස්  ශුද්ධෝත්තම පියතුමා වෙත ලිපියක් යවන ලදි .ශුද්ධෝත්තම පියතුමා විසින් එම ලිපිය කියවා එම ලිපියේම පිටුපස තම අත් අකුරින් සටහනක් තබා දිව්‍ය ගැලවුම්කරුවාණන් ගේ නිකායෙ මිෂනාරිවරුන් හට පින්තූරය රැගෙන ඒමට වර්ෂ 1865 දෙසැම්බර් 11 වන දින අවසර ලබාදෙන ලදී .

                                  මෙම පින්තූරය දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායෙ ශ්‍රේෂ්ඨාධිපති පියතුමාට භාරදෙන අවස්ථාවේ නමවන  පියුස් පාප්තුමා විසින් මෙසේ පැවසූ බව සඳහන් වේ"  සදාසරණ දේවමාතා බැතිය ලෝ පුරා පතල කරන්න" 1866 ජනවාරි මස දිනක මයිකල් මාර්කි සහ අර්නස්ට් බේස්ඩානි පියතුමන්ලා දෙපල පොස්තෙරුලාහි හි පිහිටි ශාන්ත මරියා අගුස්තිනු නිකාය තාපසාරාමයට ගොස් මෙම පින්තූරය රැගෙන එන ලදි .

                   පින්තූරය  ප්‍රතිසංස්කරණය කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු අරඹන ලද්දේ ඉන් අනතුරුවය. මෙම  භාරදූර වගකීම පැවරුණේ  ලියෝපෝල්ඩ් නොවොට්නි නැමැති කලාකරුවා හටය. අවසානයේ 1866 අප්‍රේල් මස 26 වන දින සැදැහැවත් ජනතාවගේ භක්තිය ආදරය සඳහා මෙම ප්‍රාතිහාර්යාත්මක පින්තූරය වියා මොරුලානා" හි පිහිටි ශුද්ධවූ අල්පෝන්සුස් මුනිතුමාගේ  දේවස්ථානයේ තැන්පත් කරන ලදී ........

No comments:

Post a Comment