Thursday, April 4, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..4 වන කොටස

පින්තූරය නැවත සොයාගැනීම


වර්ශ 1855 ජනවාරි මස රෝමයේ පිහිටි " විලා කසෙර්ටා " නම් නිවහන දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ නිකායේ මිශනාරි වරුන් විසින් මිලයට ගන්නා ලදි.යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙසෙන දී .ගැ.නි මිෂනාරිවරුන්ගේ මව් නිවස ලෙස මෙය  ස්ථාපිත කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මොවුන් විසින් මිලදී ගන්නා ලද මෙම භූමිය තුළ ඉපැරණි වූ ශු.මතෙව් තුමාගේ දේවස්ථානය සහ තාපසාරාමයේ නටබුන් තිබෙන බව ඔවුන් දැන සිටියේ නැත. මෙම භූමිය " වියා මොරුලානා"  මාර්ගයේ සාන්ත ජෝන් ලතරානු බැසිලිකා සහ සාන්ත මරියා මජෝරි බැසිලිකාව අතර පිහිටි ශුද්ධ භූමියක් බව දි. ගැ .නි මිශනාරි වරුන් දැන සිටියේ නැත.


                    ඉක්බිති මාස හතරකින් පමණ පසුව දිව්‍ය ගැලවුම්කරුවාණන්ට  ගෞරවයක් පිණිස මෙම භූමිය තුල නව  දෙව්මැදුරක් ගොඩ නගන්නට විය .මෙය ගොඩනඟා දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායේ නිර්මාතෘ වරයා වූ ශුද්ධ වූ අල්පෝන්සුස්  මුනි තුමාහට කැපකර දෙසැම්බර් 24 වන දින විවෘත කරන ලදී. නවක සිසුන් වෙනුවෙන් දෙව්සත්හලක් ද මෙම නව තාපසාරාමයේ ආරම්භ කරන ලදී.මෙම  දෙව්සත්හලේ එදා ඔගස්ටීන්  සහෝදර තුමාගේ කල්‍යාණ මිත්‍රයා වූ මයිකල් මාර්කි නම් පූජාවට උදව් වූ තරුණයා ද විය. තම නිවසේ ඉතිහාස කතාව පිළිබඳ දැන ගැනීමේ ආශාවක් හා උනන්දුවක් දිව්‍ය ගැලවුම් කරුවන් ගේ නිකායෙ මිෂනාරිවරුන් තුළ ඇතිවිය. මේ අනතුරුව 1863 පෙබරවාරි මස 7 වන දින සුප්‍රකට දේශනා වාදියෙකු වූ ජේසු නිකායික ගරු ෆ්‍රැන්සිස්කෝ බ්ලොසි පියතුමන් විසින් පවත්වන ලද දේශනයක් නිසා මිෂනාරිවරුන්ගේ සිත් තුළ කුතුහලයක් ඇතිවිය .ශු.මතෙව්  තුමාගේ දෙව් මැදුර තිබූ සදාසරණ කන්‍යාව නැමැති පින්තුරය ගැන ගරු ෆ්‍රැන්සිස්කෝ  පියතුමා විසින් සඳහන් කිරීම නිසා එහි ඉතිහාසය සොයා යන්නට මිෂනාරිවරුන් තුල උද්‍යෝගයක් ඇති විය.
                         


   දිව්‍ය ගැලවුම්කරුවාණන් ගේ සංඝයේ දිනපතා සිදුවීම් ලේඛන ගත කරන්නා විසින් රෝම ඉතිහාස කර්තෘවරුන්ගේ පොත්පත්  පරීක්ෂා කිරීමේදී ශු.මතෙව්  තුමාගේ දේවස්ථානය පිළිබඳ ලියා තිබුණු වැදගත් තොරතුරු බොහොමයක් සොයා ගන්නා ලදි .මෙම තොරතුරු අතර ඉතාමත් වැදගත් සිදුවීම වන්නේ ශුද්ධ මතය තුමාගේ දේවස්ථානය විනාශවීමට පෙර සැදැහැවතුන් ජනතාව විසින් ගරු බුහුමන් දක්වන ලද ප්‍රාතිහාර්යාත්මක දේවමාතාවන් වහන්සේගේ පින්තූරය ගැන සඳහන් වීමයි. ඉන් අනතුරුව සංඝයේ අනිකුත් මිෂනාරිවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ප්‍රාතිහාර්යාත්මක  සිතුවම සෙවීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී ඒ අතරතුර  ගරු මයිකල් පියතුමාට තම කල්‍යාණ මිත්‍රයා වන ගරු ඔගස්ටින් සහෝදර තුමා විසින් තමන්ට පැවැසූ වදන් සිහිවී මෙම පින්තූරය තමන් දැක ඇති බවත් එය තැන්පත් කර තිබෙන ස්ථානය තමන් දන්නා බවත් අවසානයේ තම සංඝයේ අනෙකුත්  මිෂනාරිවරුන් හට පැවසුවේය ......

No comments:

Post a Comment