Sunday, April 12, 2020

❤️ සදාසරණයේ මෑණියන්ගේ පින්තූරය නිර්මාණය කළ කලාකරුවන් ❤️

         ඉස්තරම් වූ වටිනාකමකින් යුතු ප්‍රතිමාවන් අයිකනයන්  නිර්මාණය කල බොහොමයක් කලාකරුවන් නිර්නාමික කලාකරුවන් වේ.
සදාසරන දේව මාතාවන්ගේ ප්‍රතිමාව නිර්මාණය කල අන්ද්‍රියා රිසෝ ද කැන්ඩියා ( 1422-1499) නැමති ක්‍රීටන්  දර්ශනයට අයත් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද "දුක් ප්‍රාප්තියේ කන්‍යාව" නම් කලා කෘතිය එවැනි හඳුනාගත් කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද අයිකනයක් ය
                   සදාසරණයේ  දේව මාතාවන්ගේ අයිකනය ක්‍රීටන් දාර්ශනික සම්ප්‍රදායට අයත් නිර්මාණයකි .නමුත් එය නිර්මාණය කළ නිශ්චිත දිනයක් සොයාගත නොහැකිය. පැහැදිලිව එළඹිය හැකි එකම නිගමනය වන්නේ මෙම කලා කෘතිය බොහෝ දුරට ක්‍රීට දාර්ශනික සම්ප්‍රදායට අයත තාපසයෙක්  විසින් නිර්මාණය කරන ලද්දක් බවය.          
                 අනාදියේ  පටන් පැවතෙන  වාචික සම්ප්‍රදායට අනුකූලව මෙම සදාසරණ දේව මාතාවන්ගේ අයිකනය සුවිශේෂී ලූක් තුමා විසින් නිර්මාණය කරන ලද්දක් බවද පැවසේ මෙවැනි විශ්වාසයනට පාදක වන මූලික කාරණා වන්නේ අයිකන කලාකරුවන් තම නිර්මාණ, විශේෂයෙන් දේවමාතාවන් වහන්සේගේ කලා කෘති,ක්‍රිස්තුස් වහන්සේව සහ දේවමාතාවන් වහන්සේ ව පුද්ගලිකව හඳුනාගත් මූලික කිතුනු සංඝයට  නෑකම් කියන බව විදහා දැක්වීමට වෙරදැරීමයි...
                          සදාසරණයේ දේවමාතාවන්ගේ අයිකනය ශු.ලූක් තුමාගේ සුවිශේෂට ඉතාමත් සමීප බවත් එය ශු.ලූක් තුමා ජීවිත් වූ 1 වන ශතවර්ෂයට අයත් නොවන බවට පැහැදිලිව පෙනී යයි.සදාසරණයේ දේවමාතාවන්ගේ අයිකනය 12 වන ශතවර්ෂයේ න් පසු නිර්මාණය වූවක් බව විශේෂඥයන් ගේ නිගමනය යි.....