Friday, April 5, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..5 වන කොටස

දි.ගැ.නි මිශනාරිවරුන් පින්තූරය පිළිගැනීම

පින්තූරය පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව සදාසරණ මෑණියන් පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීමට එම පින්තූරය ශු.අල්පෝන්සුස් මුනිතුමාගෙ  දේවස්ථානයට රැගෙන ඒමේ අවශ්‍යතාවය මිෂනාරීන් තුළ ඇතිවිය. එහෙයින්  එවකට දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායෙ ශ්‍රේෂ්ඨ පියතුමා ව සිටි අති අතිගරු නිකලස් මෝරෝන් පියතුමා විසින් සදාසරණයේ  දේවමාතාවන් වහන්සේගේ පින්තූරය අලුතින් නිමවන ලද ශු. අල්පෝන්සුස්  මුනිතුමාගෙ දෙව්මැදුර වෙත ගෙන ඒම අවසරය ඉල්ලා නමවන පියුස්  ශුද්ධෝත්තම පියතුමා වෙත ලිපියක් යවන ලදි .ශුද්ධෝත්තම පියතුමා විසින් එම ලිපිය කියවා එම ලිපියේම පිටුපස තම අත් අකුරින් සටහනක් තබා දිව්‍ය ගැලවුම්කරුවාණන් ගේ නිකායෙ මිෂනාරිවරුන් හට පින්තූරය රැගෙන ඒමට වර්ෂ 1865 දෙසැම්බර් 11 වන දින අවසර ලබාදෙන ලදී .

                                  මෙම පින්තූරය දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායෙ ශ්‍රේෂ්ඨාධිපති පියතුමාට භාරදෙන අවස්ථාවේ නමවන  පියුස් පාප්තුමා විසින් මෙසේ පැවසූ බව සඳහන් වේ"  සදාසරණ දේවමාතා බැතිය ලෝ පුරා පතල කරන්න" 1866 ජනවාරි මස දිනක මයිකල් මාර්කි සහ අර්නස්ට් බේස්ඩානි පියතුමන්ලා දෙපල පොස්තෙරුලාහි හි පිහිටි ශාන්ත මරියා අගුස්තිනු නිකාය තාපසාරාමයට ගොස් මෙම පින්තූරය රැගෙන එන ලදි .

                   පින්තූරය  ප්‍රතිසංස්කරණය කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු අරඹන ලද්දේ ඉන් අනතුරුවය. මෙම  භාරදූර වගකීම පැවරුණේ  ලියෝපෝල්ඩ් නොවොට්නි නැමැති කලාකරුවා හටය. අවසානයේ 1866 අප්‍රේල් මස 26 වන දින සැදැහැවත් ජනතාවගේ භක්තිය ආදරය සඳහා මෙම ප්‍රාතිහාර්යාත්මක පින්තූරය වියා මොරුලානා" හි පිහිටි ශුද්ධවූ අල්පෝන්සුස් මුනිතුමාගේ  දේවස්ථානයේ තැන්පත් කරන ලදී ........

Thursday, April 4, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..4 වන කොටස

පින්තූරය නැවත සොයාගැනීම


වර්ශ 1855 ජනවාරි මස රෝමයේ පිහිටි " විලා කසෙර්ටා " නම් නිවහන දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ නිකායේ මිශනාරි වරුන් විසින් මිලයට ගන්නා ලදි.යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙසෙන දී .ගැ.නි මිෂනාරිවරුන්ගේ මව් නිවස ලෙස මෙය  ස්ථාපිත කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මොවුන් විසින් මිලදී ගන්නා ලද මෙම භූමිය තුළ ඉපැරණි වූ ශු.මතෙව් තුමාගේ දේවස්ථානය සහ තාපසාරාමයේ නටබුන් තිබෙන බව ඔවුන් දැන සිටියේ නැත. මෙම භූමිය " වියා මොරුලානා"  මාර්ගයේ සාන්ත ජෝන් ලතරානු බැසිලිකා සහ සාන්ත මරියා මජෝරි බැසිලිකාව අතර පිහිටි ශුද්ධ භූමියක් බව දි. ගැ .නි මිශනාරි වරුන් දැන සිටියේ නැත.


                    ඉක්බිති මාස හතරකින් පමණ පසුව දිව්‍ය ගැලවුම්කරුවාණන්ට  ගෞරවයක් පිණිස මෙම භූමිය තුල නව  දෙව්මැදුරක් ගොඩ නගන්නට විය .මෙය ගොඩනඟා දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ  නිකායේ නිර්මාතෘ වරයා වූ ශුද්ධ වූ අල්පෝන්සුස්  මුනි තුමාහට කැපකර දෙසැම්බර් 24 වන දින විවෘත කරන ලදී. නවක සිසුන් වෙනුවෙන් දෙව්සත්හලක් ද මෙම නව තාපසාරාමයේ ආරම්භ කරන ලදී.මෙම  දෙව්සත්හලේ එදා ඔගස්ටීන්  සහෝදර තුමාගේ කල්‍යාණ මිත්‍රයා වූ මයිකල් මාර්කි නම් පූජාවට උදව් වූ තරුණයා ද විය. තම නිවසේ ඉතිහාස කතාව පිළිබඳ දැන ගැනීමේ ආශාවක් හා උනන්දුවක් දිව්‍ය ගැලවුම් කරුවන් ගේ නිකායෙ මිෂනාරිවරුන් තුළ ඇතිවිය. මේ අනතුරුව 1863 පෙබරවාරි මස 7 වන දින සුප්‍රකට දේශනා වාදියෙකු වූ ජේසු නිකායික ගරු ෆ්‍රැන්සිස්කෝ බ්ලොසි පියතුමන් විසින් පවත්වන ලද දේශනයක් නිසා මිෂනාරිවරුන්ගේ සිත් තුළ කුතුහලයක් ඇතිවිය .ශු.මතෙව්  තුමාගේ දෙව් මැදුර තිබූ සදාසරණ කන්‍යාව නැමැති පින්තුරය ගැන ගරු ෆ්‍රැන්සිස්කෝ  පියතුමා විසින් සඳහන් කිරීම නිසා එහි ඉතිහාසය සොයා යන්නට මිෂනාරිවරුන් තුල උද්‍යෝගයක් ඇති විය.
                         


   දිව්‍ය ගැලවුම්කරුවාණන් ගේ සංඝයේ දිනපතා සිදුවීම් ලේඛන ගත කරන්නා විසින් රෝම ඉතිහාස කර්තෘවරුන්ගේ පොත්පත්  පරීක්ෂා කිරීමේදී ශු.මතෙව්  තුමාගේ දේවස්ථානය පිළිබඳ ලියා තිබුණු වැදගත් තොරතුරු බොහොමයක් සොයා ගන්නා ලදි .මෙම තොරතුරු අතර ඉතාමත් වැදගත් සිදුවීම වන්නේ ශුද්ධ මතය තුමාගේ දේවස්ථානය විනාශවීමට පෙර සැදැහැවතුන් ජනතාව විසින් ගරු බුහුමන් දක්වන ලද ප්‍රාතිහාර්යාත්මක දේවමාතාවන් වහන්සේගේ පින්තූරය ගැන සඳහන් වීමයි. ඉන් අනතුරුව සංඝයේ අනිකුත් මිෂනාරිවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ප්‍රාතිහාර්යාත්මක  සිතුවම සෙවීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී ඒ අතරතුර  ගරු මයිකල් පියතුමාට තම කල්‍යාණ මිත්‍රයා වන ගරු ඔගස්ටින් සහෝදර තුමා විසින් තමන්ට පැවැසූ වදන් සිහිවී මෙම පින්තූරය තමන් දැක ඇති බවත් එය තැන්පත් කර තිබෙන ස්ථානය තමන් දන්නා බවත් අවසානයේ තම සංඝයේ අනෙකුත්  මිෂනාරිවරුන් හට පැවසුවේය ......

Tuesday, April 2, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..3 වන කොටස

වයෝවෘද්ධ තාපස සහ තරුණ පූජා උදව් ළමයා
       කාලය ගතවීමත් සමගම යුද්ධයෙන් විනාශ වී ගිය ශුද්ධ මතෙව් තුමාගේ දේවස්ථානයෙන් ආරක්ෂා කර ගත් පින්තූරය පිළිබඳ මතකය රහසේම නැතිවී යාමේ අවදානමක් ඇති විය .මයිකල් නම් පූජා සහයක දරුවෙක් සහ සාන්ත මරියා තාපසාරාමයේ බැහැදැකීමට නිතර පැමිණි අතර එහි සිටි ඔගස්ටීන් නැමති සහෝදර තුමාගේ තුමා ගේ සමීපතම මිතුරා බවට ඔහු පත්විය .මෙම  සහෝදරතුමා සදාසරණ දේවමාතාවන් හට දැක් වූ ආදරය මෙම කුඩා දරුවා සමඟ ද බෙදා ගත්තේය .පසුකාලීනව පියතුමකු වූ මෙම මේ පුංචි දරුවා ඔගස්ටීන්  සහෝදරතුමා තමා හට පැවසූ වදන් මෙසේ ලියා තැබුවේය


     "මෙම යහපත් සහෝදරතුමා ඉතාමත් භක්තියෙන් සහ උද්යෝගයෙන් විශේෂයෙන් 1850 සහ 1851 වර්ෂවලදී මා හට මෙසේ පැවසීය .
                මා දරුව ' හොඳින් මතක තබාගන්න ශුද්ධවූ මතෙව්  තුමාගේ දේවස්ථානය තිබුණු බලසම්පන්න ප්‍රාතිහාර්යත්මක දේව දේවමාතාවන්ගේ පින්තූරය උඩුමහලේ තැන්පත් කර ඇත. කිසිදිනක එය  අමතක කරන්නට එපා මෙය හොඳට මතක තබා ගන්න"  
                          මේ කාලයේ දී සහෝදර තුමාගේ දෙනෙත් අඳ වී තිබූ බව මට හොඳට මතකයි ඒ කාලයේ සිට දිව්‍ය ගැලවුම්කරුවාණන් නිකායට ඇතුළත් වන කාලය දක්වාම මෙම සදාසරණ දේව මාතාවන්ගේ පින්තූරය අයර්ලන්ත ජාතික අගුස්තිනු නිකාය තාපසයන් විසින් ශාන්ත මේරී තාපසාරාමයේ පෞද්ගලික යාඥාව තිබෙනවා මම දුටිමි. පහනක්වත් දල්වා නො  තිබූ මෙම පින්තූරය නොසලකා හරින ලද පින්තූරයක් බවට පත්ව තිබුණි .මා පූජාවට උදව් වූ සෑම මොහොතකම  පින්තූරය දෙස ඉතාමත් භක්තියෙන් සහ ආදරයෙන් බැලීම මගේ පුරුද්දක් විය .
                        වර්ෂ 1853 දී අවුරුදු 86 ක් වූ ඔගස්ටීන් සහෝදරතුමා  ස්වර්ගස්ථ වූයේ සදාසරණ දේව මාතා බැතිය ලෝ පුරා ප්‍රචලිත කිරීමෙහිලා තමන් තුළ තිබූ සිහිනය සඵල කර ගැනීමට පෙරය .......

Monday, April 1, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..2 වන කොටස

ශු.මතෙව් දේවස්ථානය තුල තුන්සිය වසරක් පමණ තැන්පත් කර තිබූ සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය.....

                         ශුද්ධවූ මතෙව් තුමාගේ දේවස්ථානය රෝමයේ තිබූ අනිකුත් දේවස්ථාන මෙන් මනරම් දෙව් විමනක් නොවුනද එහි තැන්පත් කල තිබූ දේව මාතා පින්තූරය නිසා සැදැහැවත් ජනතාව විශාල වශයෙන් එම දෙව්මැදුරට පැමිණෙන්නට විය.වර්ශ 1773 සිට 1798 දක්වා මෙම දෙව්මැදුර හා ඊට යාබදව තිබුනු තාපසාරාමය අයර්ලන්ත ජාතික අගුස්තීනු නිකායික තාපසවරුන්ගේ භාරකාරත්වය පවරන ලදි.අසාධාරණ ලෙස අයර්ලන්තයෙන් නෙරපා දැමූ අගුස්තීනු නිකායික තාපසවරුන් සහ එහි පුහුණුව ලබන නවක සිසුන් හට සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය ශාන්තියක් ගෙනදුන්නා පමණක් නොව නවක පූජක සිසුන් හට තම කැදවීම් ජීවිතයට දේව ආශිර්වාද බහුලව ගලා ආ නිධානයක් විය..


                                වර්ශ 1798 දී රෝමයේ ඇතිවූ දරුණු යුද්ධය නිසා මෙම තාපසාරාමය හා දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.තාපසාරාමය විනාශ වී ගියත් අගුස්තීනු නිකායික  තාපසයන්  කිහිපදෙනෙකු තවත් වසර කිහිපයක් එහි රැඳී සිටියහ නමුත් අවසානයේදී ඔවුන්ට ද අතහැර යාමට සිදු විය.සමහරෙක් ආපහු අයර්ලන්තයට ගිය අතර තවත් කන්ඩායමක් ඇමරිකාව බලා පිටත් ව ගියහ.බහුතරයක් ඒ අවට පිහිටි වෙනත් තාපසාරාමයකට පිටත් ව ගියහ.මෙම අවසාන තාපස කන්ඩායම ඔවුන් සමග සදාසරණයේ දේවමාතාවන්ගේ පින්තූරය රැගෙන යාමට අමතක නොකලහ.පින්තූරයක කතාවේ තුන් වන අදියර ආරම්භ වන්නේ මෙම සැඟවුණු යුගය සමඟය



 .වර්ශ 1819 දී ටිබෙට් ගංගාව (Tibet river ) හරහා විහිදී ගිය උම්බර්ටෝ( Umberto) නම් පාලම අසල පිහිටි සා .මේරි දේවස්ථානය වෙත අයර්ලන්ත අගුස්තීනු නිකායික තාපසයන්ගේ පැමිනීම සිදුවිය.ශු.මතෙව් තුමාගේ දේවස්ථානයයෙන් රැගෙන ආ කන්‍ය මරියතුමියගේ පින්තූරය ද ඔවුන් සමග මෙම දෙව්මැදුර ට ගෙන ආහ.නමුත් "වරප්‍රසාදයේ මාතාවන්ගේ" බැතිය එම දේවස්ථානයේ තිබූ බැවින් සදාසරණයේ මාතාවන්ගේ පින්තූරය එම තාපසාරාමයේම පෞද්ගලික යාච්ඤා ගෘහයක තැන්පත් කරන ලදි.කාලයාගේ ඇවෑමෙන් මෙම පින්තූරය පිළිබඳව මතකය මිනිස්සු අතරින් ගිලිහී යන්නට විය.....



ෆ්‍රැන්සිස් පාප්තුමා නමෝ මරිය නම් මෙම වැදගත් යාච්ඤාවෙහි අප ප්‍රකාශ කරන වචනවල තේරුම පැහැදිලි කරයි



නමෝ මරියනී ප්‍රියප්‍රසාද පූර්න වන්තියනී


දේවදූතයා ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට හඳුන්වා දෙයි, "කරුණාවෙන් පූර්ණව" (Lk 1, 28): "පාපයට ඉඩක් නැත. මන්ද, දෙවියන් වහන්සේ සැමවිටම ඇය ජේසුස් වහන්සේගේ මෑනියන් ලෙසත්, මුල් පාපයෙන් ආරක්ෂා වී ඇත. වචනය ඔහුගේ ලෙඩේ මස් බවට පත් විය. අපත් අපට කතා කරන දෙවියන් වහන්සේගේ වචනය අසා ඔහුගේ කැමැත්ත අනුව අපද කැඳවනු ලැබේ. ස්වාමින් වහන්සේ සැමවිටම අපට කථා කරයි. "

සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය.


කරුනාවෙන් පිරි කන්‍යාවට සිදු වූ දේ, "ෆ්‍රැන්සිස් පාප් තුමා මෙසේ පැහැදිලි කරයි.
" දෙවියන් වහන්සේගේ වචනය යහපත් හා අවංක හදවත්වල පිළිගන්නා අතර එය ක්‍රියාවට දැමූ විට ආත්මික මට්ටමක දී අපටත් සිදු වේ. දෙවියන් වහන්සේ අප තුළ මාංශයක් බවට පත්වේ. උන් වහන්සේ අප කෙරෙහි වාසය කරන සේක, උන්වහන්සේට ප්‍රේම  කරන හා උන්වහන්සේගේ වචනය අනුගමනය කිරීම නිසා උන්වහන්සේ වාසය කරයි. මෙය වටහා ගැනීම පහසු දෙයක් නොවේ. එහෙත්, ඔව්, එය සිත තුළ පහසු දෙයක් නොවේ. "

ඔබ ස්ත්‍රීන් අතරෙහි භාග්‍යය වන්තිය


මරිය තුමිය මේ ඇදහිල්ල ජීවත්වුණේ කෙසේද? පාප්තුමා මෙසේ පිළිතුරු කරයී. "ඇය දිනපතා දහස් ගණන් රැකියාවල නිරත වූ අතර ඕනෑම මවකගේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවසේ රැකවරණය වැනි සරල බවකින් ජීවත්වූයේය. එය සැබවින්ම මේ ජනයාගේ සාමාන්‍ය පැවැත්මයි. ඇය හා ඇගේ පුත්‍රයා අතර ඇය හා දෙවියන් වහන්සේ අතර සංවාදයක් පැවතුනි. "

ඔබේ ගර්භයේ ඵල නම්, ඔබට ආශීර්වාද වේ

ෆ්‍රැන්සිස් පාප්තුමා පැහැදිලි කරන්නේ මරිය තුමියව අප පිලිගත යුතු බවයි. එනම් "ශාරීරිකව [ඇය] ශුද්ධාත්මයාණන්ගේ බලය පිළිගනී, පසුව ඇය තුළ පිහිටුවන ලද දෙවියන් වහන්සේගේ  පුත්‍රයාට මාංසය හා රුධිරය ලබා දෙයි. මේ ආකාරයෙන්, අධ්‍යාත්මික  තලයට, උන් වහන්සේ කරුණාව ලබමින් ඇදහිල්ලෙන් එයට අනුරූප කරයි. එබැවින්, ශාන්ත ඔගස්ටින් පවසන පරිදි කන්‍යයා ගර්භය තුළට වඩා හදවතින්ම සිතා ඇති බව පවසයි.

හේල් මේරි දෙවියන්ගේ මව

පාප් තුමා තවදුරටත් මෙසේ කියයි.

"අපව මිදීමේ කර්තව්‍ය අපව අනුගමනය කරයි, නිරන්තරයෙන්ම අප විසින් ඇදහිල්ල, වෘත්තිය සහ මෙහෙයුම තුලින් අපව තහවුරු කරයි. දෙවිපියානන්ගේ කැමැත්තට යටහත් පහත්කම සහ කැමැත්ත පිළිබඳ ඔහුගේ ආදර්ශය අනුව, ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අපගේ ඇදහිල්ල පෙන්වීමට එය අපට උපකාර කරයි

පාපිවූ අප උදේසා යාච්ඤා කරන්න


මෙම ඡේදයේ අර්ථය පැහැදිලි කිරීම සඳහා ෆ්‍රැන්සිස්  පාප් තුමා කතාවක් භාවිතා කරයි:

"මම එක් වරක් ලූජන්හි බුවනස් අයර්ස්හි ආජන්ටිනාවේ ශුද්ධස්ථානයේ දී සිහිපත් කළෙමි. දම්වැල්, ටැටූස් සහ මේ සියලු දේවල් සහිත තරුණයෙක්ද මවක්ද විය. ඔවුන්ට  සිදු වූයේ කුමක් ද කියා මට දැනගන්න අවශ්‍ය විය. එය බරපතළ, දුෂ්කර ගැටලුවක් විය.

ඇය - මම මේ දේව අම්මාට මෙහෙම කිව්වා. පසුව ඇය මට කිව්වා: කන්‍ය සොහොයුරියක් වෙතට යන්න. ඔබ කළ යුතු දේ ඇය ඔබට කියයි. ඉතිං මේ දේව අම්මට කල ඉල්ලීම මත ඇයට උපදේශක දීමනාවක් ඇයට ලැබුණා. ඇගේ පුතාගේ ගැටලුව විසඳන්නේ කෙසේදැයි ඇය දැන සිටියේ නැත. එහෙත් ඇයට දේව අම්මා නිවැරදි මාර්ගය පෙන්වූවාය: මේක උපදේශාත්මක ත්‍යාගයක්. මෙම නිහතමානී හා සරල කාන්තාව එනම් දේව අම්ම ඇයට හොඳම උපදේශනය දුන්නේ ය. ඇත්ත වශයෙන්ම,මට කතා කරන්න දෙයක් නෑ, ඔහුගේ අම්මා දැනටමත් තරුණයාට කිව්වා. මෙම තෑග්ග ඇති මව්වරුනි, ඔබේ දරුවන් වෙනුවෙන් දෙව්මවුන්ට කන්නලව් කරන්න. දරුවන්ට උපදෙස් දීම දෙවිපියානන්ගේ ලද තෑග්ගක්. "

දැනුත් අපේ මරණ පැයේදිත් යාච්ඤා කල මැනව



බෙනඩික්ට් පාප් වහන්සේ ප්‍රකාශ කළේ මෙසේයි. "අපගේ පළමු සහෝදරයා වූ ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස, මව වශයෙන් ඇය, අපගේ සොහොයුරන්ට එකම මාතෘ ආත්මය ලබා ගැනීම පිලිබදව අපට උගන්වනු ඇත. ප්‍රසාධය, ශක්තිය සහ විශ්වාසය හා බලාපොරොත්තුව ඇති කරන්න. අම්මා කරන්නේ. ස්වර්ගයට මරිය තුමිය මගින් මාර්ගයක් ආරම්භ වූයේය, ඔව්, එය දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කළ ස්වර්ගික දූතයා වෙත නාසරෙත්හි දී ය. එය දෙවියන් වහන්සේට ස්වර්ගය දෙසට සදාකාල ජීවනයට ය. "

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..1 වන කොටස

දේවමාතාවන්ගේ චිත්‍රය සොරකම් කළ සොරා


16 වන සියවසේ සිට පැවත එන සම්ප්‍රදායට අනුව දේව දේවමාතාවන්ගේ ප්‍රාතිහාර්ය යාත්මක පින්තූරයක් ක්‍රීටය  නම් දූපතේහි තිබූ දේවස්ථානය කින් සොරාගත් වෙළෙන්දෙක් පිළිබඳව සඳහන් වේ. ඔහු මෙම පින්තූරය වෙළඳාම සඳහා තිබූ අනිකුත් අනෙකුත් භාණ්ඩ සමග සඟවාගෙන දූපතේ බටහිර දෙසට යාත්‍රා කරන අතරතුර දරුණු කුණාටුවකට හසු වී නිරුපද්‍රිතව ගොඩබිමට සේන්දු වී තිබෙන්නේ දේව හාස්කමකින් මෙනි .ඉන් වසරකට පමණ පසු එම සොරාගත් පින්තූරයත් සමග ඔහු රෝමයට පැමිණ ඇත

                     රෝමයේ සිටි කාලෙදී  ඉතාමත් බලවත් ලෙස රෝගාතුර වූ මෙම වෙළෙන්දා ඔහුගේ මරණ මොහොතේදී ඔහුට උපස්ථාන කිරීම සඳහා තමා ළඟ සිටි මිතුරා හට සොරකම් කරන ලද මෙම චිත්‍රය පිළිබඳව පවසා කෙසේ හෝ එය දේවස්ථානයකට භාරදෙන ලෙස බැගෑපත් වී ඇත. ඔහුගේ මිතුරා එය භාර දෙන බවට පොරොන්දු වූ නමුත් එවැනි අලංකාර පින්තූරයක් නැති කරගැනීමට අකමැති ඔහුගේ බිරිඳගේ ඇවිටිල්ල නිසා තම මිතුරා හට වූ පොරොන්දුව ඉටු කිරීමට ඔහුට නොහැකි විය
කෙසේ හෝ මෙම මිතුරා මියගිය පසු එම නිවසේ සිටි සය හැවිරිදි කුඩා දියණියට දර්ශනය වූ දේව දේව මාතාවන් වහන්සේ එම නිවසේ තිබෙන සදාසරණ දේව මාතාවන්ගේ පින්තූරය ශුද්ද වූ මේරි මේජර් සහ සහ ජෝන් ලතෙරානු බැසිලිකා දෙක අතර පිහිටා තිබෙන ශුද්ධවූ මතෙව් මුනිතුමාගෙ දෙව්මැදුරට භාර දෙන ලෙස තම මවට සහ මිත්තණියට දන්වන ලෙස එම කුඩා දියණියට පැවසුවාය....මෙම කුඩා දියණියගේ වදන් වලට සවන්  දීමට අදිමදි කළ ඇයගේ මෑණියන් කෙසේ හෝ ශුද්ධවූ මතෙව්  තුමාගේ දේවස්ථානයේ සිටි පියතුමන්ලා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව 1499 මාර්තු මස 27 වන දින සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය එම දේවස්ථානයේ තැන්පත් කරන ලදි.එවක් පටන් වසර 300 ක පමන කාලයක් සදාසරණයේ දේව මාතා බැතිය රෝමය පුරා ව්‍යාප්ත විය.......

Saturday, March 30, 2019

සදාසරණයේ දේව අම්මා ...❤️❤️

❤️විමුක්තියේ දේව අභිරහස❤️

                      සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය අලංකාර සිතුවමක් පමණක් නොව එය සැබැවින්ම දේව පණිවුඩයකි.අපගේ විශ්වාසයේ මූලික හා ප්‍රධාන අභිරහස් ගැන කතා කරන ප්‍රබන්ධයකි.පින්තූරයේ සමන්විත විවිධ වූ කොටස් මගින් දෙවියන් වහන්සේ අප සමග බව පහදා දෙයි.ඒ සමගම එය කුරුසියෙ මාර්ගයත් ,මරිය මවගේ මැදිහත් භාවය සහ දේව රාජ්‍යයේ මහිමය කියා පායි( රන්වන් පැහැති පසුබිම ).

දේව පුත්‍රයා මිනිසත් බව ගැනීමත් සමග ගැලවීමේ පොරොන්දුව මරියතුමී තුල පූර්ණත්වයට පැමිණියාය .එතුමියගේ පුත්‍රයානන් කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රථම පුද්ගලයා ලෙස ඇය කුරුසිය පාමුල සිටියාය .
ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ අවසාන මොහොතේදී මරිය මාතාවන් මුළු මහත් මානව වර්ගයාගේ මව ලෙස බාර දුන් සේක ." මෙන්න ඔබේ මෑණියෝ"(ශු.ජොහාන් 19:27).අපව සමිදුන් වෙත ළගාකරවීම සදහා ඇය මවක් ලෙස අප සමග සිටියි.                                  
   
                           මෙම පින්තූරයේ දක්නට ලැබෙන විශාලතම රූපය මරියතුමියගේ රූපය වුවද ඇය වෙත දැඩි අවදානයක් ලබා දීම එහි මූලික අරමුණ නොවේ.මෙහි මූලික අරමුණ වන්නේ මරිය මවගේ හා ජේසු බිළිඳුගෙ දෙඅත් අතර ඇති දැඩි සම්බන්ධතාවයයි.මරිය මව අප සැම සමිදුන් වෙත නිරතුරුවම යොමු කරන්නීය .ජේසු බිළිඳුන් දේව මාලිගාවේ ඔප්පු කිරීම (ලූක් 2:22-24) හා සමානව මෙහිදීද ඔහුගේ ස්වරූපය පූජා කරන බිළි පඩුරකට සමාන වේ මෙම මොහොතේදී දේව මාතවන් වහන්සේ අප වෙනුවෙන් තම පුතු පූජා කල බව අපට පෙන්වා දෙයි.උන්වහන්සේගේ අවසාන මොහොතේදී කුරුසිය පාමුල සිටි දේව මාතාවන්ගේ ශක්තිමත් වීර්යය සම්පන්න මාතවක් ලෙස ශුද්ධවූ සුවිශේෂය අපට ගෙනහැර දක්වයි.


                     මෙහි සමන්විත සියලු අංගවලින් පැහැදිලිව දිස් වනුයේ දුක් වේදනාවේ ඇති සත්‍යතාවය හා යථාර්ථයයි. මෙම සත්‍යතාව මරිය මාතාවන්ගේ මුව මඩලින්ද ,බියෙන් තැති ගැන්වී කලබල ස්වභාවයක් පෙන්නුම් කරන ජේසුතුමන්ගේ උත්තරීතර වූ විජයග්‍රහණය රන් වන් පැහැති පසුබිම් තුලින් හා දුක් වේදනාව ඇති කරන්නාවූ ආයුධ රැගත් සුරදූතයන්ගේ ස්වභාවයෙනුත් පෙන්වා දෙයි.නමුත් මෙම ආයුධ විනාශයේ පෙර ලකුණු රැගෙන එන සලකුණකට වඩා ඒවා විජයග්‍රහණයේ සම්මානයන් ලෙස දිස්වේ................


Friday, March 29, 2019

සදාසරන මෑණියන්ගේ සිතුවම නිහඬ දේශනයකි....



       නිර්නාමික චිත්‍ර ශිල්පියෙකු සිය තෙලිතුඩින් ස්වකීය කලා නිර්මාණ ශක්තිය යොදා මෙම පින්තූරයට ජීවය කවා,
කරුණාවේ හා දයාවේ ප්‍රතිමූර්තියක ස්වරූපයෙන් එය දකින්නවුන් උදාර හැගුම් වලින් පුබුදු කරවයි..

                  දෙව්මවගේ හිස මත දැක්වෙන රන් කිරුළ සංකේතවත් කරන්නේ ,සමස්ත ලෝකයා සදාසරනයේ මාතාවගෙන් ලැබූ පිහිට උපකාර සදහා කෘතඥතා පූර්වක භක්ති ආදරයයි.නව වැනි පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් වර්ෂ 1867 දී පළදවන ලද්දකි .

                         සදාසරනයේ මෑණියන්ගේ සිරස වසා ඇති සළුවේ නළලට කිට්ටුව කැපී පෙනෙන තරුවක් ඇත .මුහුදු යාත්‍රිකයන්ට මග පෙන්වන එතුමිය ,අදුරු ලොවට ක්‍රිස්තුස් වහන්සේ නැමැති ලෝකාලෝකය දානය කලාය.ගල්පර මෙන් වු ජීවිත බාධක වල නොගැටී,සුරපුර සුරක්ෂිත වරායට අප සේන්දු වනුයේ ,මුහුදු තාරකාව වන එතුමියගේ සරණයෙනි.

             මුදුනේ එතුමියගේ ඔටුන්නට කිට්ටුව වමේ සහ දකුණේ ග්‍රීක අකුරු දෙක බැගින් ඇත එයින් අදහස් කරනුයේ "දේව මාතාව "
යන්නය.සදාසරණයේ මාතාවන්ගේ පියවුන දෙතොල,කථාව සුලු වුවද ,එතුමිය සියල්ල සිත්හි නිදන් කර මෙනෙහි කල බවට සාක්ෂියකි .

                එතුමියගේ ඇදුම රතුවන්‍ ය.ජුදා සිරිත අනුව මරියතුමී කන්‍යාවක් බව,මෙම රතුවන්‍ ඇදුමෙන් හෙළි කරයි .එතුමියගේ සළුව ඝන නිල් පැහය .මෙම පැහැයෙන් හගවනුයේ ,එතුමිය මවක් බවය.පින්තූරයේ රන්වන් පැහැගැන්වුණු පසුබිම,අපට ස්වර්ගය සිහිපත් කරයි.එය අපගේ පරම බලාපොරොත්තුව විය යුතුයි .

                         දකුණු කම්මුලට කිට්ටුව ග්‍රීක බසින් "අග්‍රදූත මිඛායෙල් තුමාය "යි ලියා ඇත.සාතන් පැරදූ හෙල්ලය එතුමාගේ දකුණතෙහිද,ක්‍රිස්තුස් වහන්සේ අප නිසා පානය කල තිත්ත කාඩිය පාත්‍රය එතුමාගේ වමතෙහිද,දක්නට ඇත.
                          වම් කම්මුලට කිට්ටුව ග්‍රීක බසින් ලියවී ඇත්තේ "ගාබ්‍රියෙල් අග්‍ර දූතයා"
යන්නය.ජේසු තුමාගේ දුක් ප්‍රාප්තිය හැගවීමට එතුමන්ගේ අතෙහි කුරුසිය ද,ඇණ ද,ඇත.ජේසු බිළිඳුගෙ වම් පැත්තේ මුහුණට කිට්ටුව තිබෙන ග්‍රීක අකුරු වලින් "ජේසු ක්‍රිස්තුස් වහන්සේ "යන නාමය සදහන් වී තිබේ.

             සදාසරන මවගේ වම් අතෙහි එතුමියට තුරුල් වී සිටින්නේ එතුමියගේ පරම වස්තුව වන ජේසු බිළිඳුන්ය තම දුක්ප්‍රාප්තියේ අභියෝගය සංකේතවත් කරන කුරුසිය ,ඇණ සහ තිත්ත කාඩිය පාත්‍රය දුටු බිළිඳුන් භයට පත්ව ,අම්මාගේ දකුණත වැරෙන් අල්ලාගෙන සිටින අතර උන්වහන්සේගේ පාදයක වූ පාවහන් ගිලිහී යාම ,බිළිඳුන්ගේ භීතියේ කම්පනයට හේතුවකි .

                   මරි මවු බිළිඳු ජේසු පුතු තුරුල් කරගෙන ,පුතු සනසද්දීත් ,එතුමියගේ නෙත් අසරන අප දෙසට  යොමුවී තිබෙන්නේ  ,සදාසරනයේ මෑණියන් ලෙස ඇය අපට සෙනෙහස දක්වන නිසායි.

 එතුමියගේ සෙනෙහස තුල සදා සරණය පතමු
                   
                           
                     

මව් පදවියේ සාන්තුවරයාණන් ..ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා මුනින්ද්‍රයාණන්

❤️❤️ ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා ❤❤️
මව් පදවියේ සාන්තුවරයාණන්...මංගල්‍යය දිනය - ඔක්තෝබර් 16

                      ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා මුනිතුමා සැගවුන සාන්තුවරයෙකි.එතුමන් හදුනාගත් අයට සහය වන මැදහත්කාර ශුද්ධවවන්තයෙකි .දුබල මවුන්ට ,පීඩිත සිතැතියනට පිහිට වූ සභාවේ අපේ සහෝදරයෙකි.මෙතුමා දස අට වන වැනි ශතවර්ෂයේ විශ්මයජනක දේ සිදු කරන්නා ලෙස ප්‍රකට ය.සැබැවින්ම සර්වබලධාරී දෙවි මහෝත්තමයාණෝ පහත් අය උසස් කර ඔවුන්ගේ මාර්ගයෙන් නොයෙක් ආශ්චර්යයන් සිදුකරන සේක .ශුද්ධවූ ලියවිල්ලෙන් සදහන් පරිදී "සාන්තුවරයන්ගේ මාර්ගයෙන් දෙවිදාණෝ මනෝහර පැසසුම් ලබන්නෝය" යන මහගු වගන්තියේ සත්‍ය මෙතුමාගේ ජීවිත කතාවෙන් පැහැදිලි වේ....

              එතුමාන්ගේ ශුද්ධවන්ත භාවය රදා ඇත්තේ එතුමා විසින් සිද්ධ කරන ලද ලෝකෝත්තර ක්‍රියාවන්හි නොව දිව්‍ය ගැලවුම්කාර නිකායේ තමාගේ වැඩ කටයුතු සියල්ල දේව අභිමතය අනුව ඉතා හොඳින් ඉටු කිරීමෙහිදී ය .එසේ කිරීමට පහසුම මාර්ගය ලෙස කීකරුකම එතුමා තෝරා ගත්තේය .ශ්‍රේෂ්ඨයින්ට කීකරු වීමෙන් තමා කිසි දිනක නොමග නොයන බව තරයේ විශ්වාස කලේය ." අනිත් අය ශුද්ධවන්තකම කෙබඳු ධර්ම ගුණයක තැබුවත් මට කම්නැත .මේ සියල්ල දේව කැමැත්ත ලෙස ඉටු කිරීමට නිතර වෙර වඩමි" යි එතුමා පැවසීය .ඒ අනුව ජීවිත් විය....
   
                 
පාපය නැමැති දුර්ගුණය හේතු කොට ගෙන මිනිසා දෙවියන්වහන්සේට විපක්ෂව ජීවිත් වේ.නොමග ගිය අප ජීවිත නැවත දෙවියන්වහන්සේට ප්‍රසන්න ලෙස හැඩගස්වා ගැනීමට උතුම් මාර්ගය පාපොච්චාරණය වේ.එබැවින් යහපත් පාපොච්චාරණයේ සාන්තුවරයාණන් වූ ජෙරාඩ් මැජෙල්ලා මුනිතුමාගේ එම පිහිට යදින්න ..



          තවද එතුමා ආරක්ෂාකාර සාන්තුවරයා වේ.මව්වරුන්ට මේ වැනි සාන්තුවරයෙක් ගේ පිහිට අවශ්‍ය වනුයේ ඔවුන්ගේ ඒ දුබල පැයේදී පමණක් නොව මවක් වශයෙන් ඔවුන් වෙත පැවරී ඇති වගකීම් හා යුතුකම් ඉටු කිරීමේදීත්ය.....
    මව්වරුන්ගේ සාන්තුවරයා වන ජෙරාඩ් මැජෙල්ලා මුනින්ද්‍රයානණී......
                  අප නිසා යාච්ඤා කල මැනව ...........
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Thursday, March 28, 2019

සදාසරණයේ අම්මා ගැන ඉගෙනගන්න අපත් එක්ක එකතු වෙන්න

සදාසරණයේ දේවමාතාවන්ගේ පින්තූරයෙන් අරුත් ගැන්වෙන පණිවුඩය .............
                   සදාසරණයේ දේවමාතාවන්ගේ මෙම කලා කෘතිය පිළිබඳව අප දැනගත යුතු ඉතා වැදගත්කම කරුණක් වන්නේ එය පිළිරුවක් නොව ,අයිකන (ICON) නැමැති කලාවට අයත් පින්තූරයක් බවයි.මෙය නිර්මාණය කරන ලද කලාකරුවා පිළිබඳව විස්තර ඉතිහාස පොත්වල සදහන් නොවේ."දුක් ප්‍රාප්තියේ කන්‍යාව" නම් සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කරන ලද මෙම අයිකනය තුලින් ගැලවීමේ අභිරහස පිළිබඳව කතාන්දරය පිළිබිඹු කරයි......
අයිකනය"(ICON) යනු කුමක්ද ?
             ග්‍රීක භාෂාවේ "එයිකොන්" (EIKON) යන වචනයෙන් බිදී එන "ICON" " අයිකනය"යන වචනයේ අරුත වන්නේ "ස්වරූපය" (IMAGE) යන්නයි.මුල් ක්‍රිස්තු අනුගාමිකයන් මෙම වචනය යොදා ගත්තේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව පැහැදිලි කරදීමටයි."ක්‍රිස්තුස් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයයි" (කොලොස්සි 1:15, හේබ් 1:3)
                   එබැවින් ක්‍රිස්තියානි අයිකනයක් යනු ක්‍රිස්තුස් වහන්සේගේ හෝ දේවමාතාවන්ගේ හෝ ශුද්ධවවන්තයකුගේ සැබෑ ස්වරූපය විදහා දක්වන දේව ධර්ම නියමයන්ට හා තාක්ෂණයන්ට අනුව නිමැවූ කලා කෘතියකි .....
             අයිකනයක් යනු හුදෙක්ම අතීතයේහි සිදු වූ සිදුවීමක් හෝ ජීවිත් වූ පුද්ගලයකු ප්‍රතිනිර්මාණය කිරීමක් පමණක් නොව එයින් නිර්මාණය කරන පුද්ගලයාව හෝ සිදුවීම සජීවී ලෙස විදහා දැක්වීමයි .එය මිනිස් ස්වභාවය සහ දේව අභිරහස හමුවන ස්ථානයකි .අයිකනයක් යනු අල්තාර සැරසිල්ලක් නොව එය අල්තාරයකි...පෙරදිග ජන වන්දනාව තුල දේව වචනයත් සමගම අයිකනයද වන්දනාවට ලක්වන්නේ මේ හේතුව නිසාවෙනි ....අයිකන නිර්මාණයක් යනු යාච්ඤාවේ ප්‍රථිඵලයක් යයි පැවසීම සත්‍යයකි .අයිකන නිර්මාණකරුවන් තම නිර්මාණකරනයේ යෙදෙන්නේ යාච්ඣාව සහ ඊට අදාල මර්ධන ක්‍රියා තුල යෙදෙන අතරතුරය .යාච්ඤාශීලි වාතාවරණයක් තුල නිර්මාණ කරණයේ යෙදෙන කලාකරුවන් තම අයිකනය ඉදිරියේ අනාගතයේදී යාච්ඤා වේ යෙදෙන  සැදැහැවතුන්  වෙනුවෙන්ද යැදීමට අමතක නොකරන බව  ඓතිහාසික සාධක පෙන්වා දෙයි .බොහෝ අයිකන කලාකරුවන් දේව අභිරහස පිළිබඳව භාවනාත්මක යාච්ඤාවේ යෙදුණු තාපසවරුන් බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.ඔවුන්ගේ කලාකෘති ඔවුන් ලත් අධ්‍යාත්මික දීමනා සහ ගැඹුරු විශ්වාසය අන් අය සමග බෙදාගත් සුවිශේෂී මාධ්‍යයක් විය .
       අයිකනයක් නිර්මාණය කිරීමෙහි ප්‍රධාන අරමුණ වූයේ භාවනාවට අත්වැලක් ලෙස එය භාවිත කිරීමයි .අයිකනයක් ඉදිරිපිට පැමිණෙන තැනැත්තාගේ හද තුල භාවනාත්මක අදහස් ඇතිවෙන්නාක් මෙන්ම දේව අභිරහස් පිළිබඳව දැනුම වර්ධනය කරගැනීමේ උනන්දුවක් ද ඇතිවන්නේ ය ....ජනවන්දනා යාච්ඤාව පිළිබඳ හසල අවබෝධයක් සහ උනන්දුවක් අයිකනයක් දෙස බලන තැනැත්තාගේ හද තුල ජනිත කරවයි .......