Monday, April 1, 2019

සදාසරණ මෑණියන්ගේ පින්තූරය පිළිබඳ ඉතිහාස කතාව..2 වන කොටස

ශු.මතෙව් දේවස්ථානය තුල තුන්සිය වසරක් පමණ තැන්පත් කර තිබූ සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය.....

                         ශුද්ධවූ මතෙව් තුමාගේ දේවස්ථානය රෝමයේ තිබූ අනිකුත් දේවස්ථාන මෙන් මනරම් දෙව් විමනක් නොවුනද එහි තැන්පත් කල තිබූ දේව මාතා පින්තූරය නිසා සැදැහැවත් ජනතාව විශාල වශයෙන් එම දෙව්මැදුරට පැමිණෙන්නට විය.වර්ශ 1773 සිට 1798 දක්වා මෙම දෙව්මැදුර හා ඊට යාබදව තිබුනු තාපසාරාමය අයර්ලන්ත ජාතික අගුස්තීනු නිකායික තාපසවරුන්ගේ භාරකාරත්වය පවරන ලදි.අසාධාරණ ලෙස අයර්ලන්තයෙන් නෙරපා දැමූ අගුස්තීනු නිකායික තාපසවරුන් සහ එහි පුහුණුව ලබන නවක සිසුන් හට සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය ශාන්තියක් ගෙනදුන්නා පමණක් නොව නවක පූජක සිසුන් හට තම කැදවීම් ජීවිතයට දේව ආශිර්වාද බහුලව ගලා ආ නිධානයක් විය..


                                වර්ශ 1798 දී රෝමයේ ඇතිවූ දරුණු යුද්ධය නිසා මෙම තාපසාරාමය හා දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.තාපසාරාමය විනාශ වී ගියත් අගුස්තීනු නිකායික  තාපසයන්  කිහිපදෙනෙකු තවත් වසර කිහිපයක් එහි රැඳී සිටියහ නමුත් අවසානයේදී ඔවුන්ට ද අතහැර යාමට සිදු විය.සමහරෙක් ආපහු අයර්ලන්තයට ගිය අතර තවත් කන්ඩායමක් ඇමරිකාව බලා පිටත් ව ගියහ.බහුතරයක් ඒ අවට පිහිටි වෙනත් තාපසාරාමයකට පිටත් ව ගියහ.මෙම අවසාන තාපස කන්ඩායම ඔවුන් සමග සදාසරණයේ දේවමාතාවන්ගේ පින්තූරය රැගෙන යාමට අමතක නොකලහ.පින්තූරයක කතාවේ තුන් වන අදියර ආරම්භ වන්නේ මෙම සැඟවුණු යුගය සමඟය



 .වර්ශ 1819 දී ටිබෙට් ගංගාව (Tibet river ) හරහා විහිදී ගිය උම්බර්ටෝ( Umberto) නම් පාලම අසල පිහිටි සා .මේරි දේවස්ථානය වෙත අයර්ලන්ත අගුස්තීනු නිකායික තාපසයන්ගේ පැමිනීම සිදුවිය.ශු.මතෙව් තුමාගේ දේවස්ථානයයෙන් රැගෙන ආ කන්‍ය මරියතුමියගේ පින්තූරය ද ඔවුන් සමග මෙම දෙව්මැදුර ට ගෙන ආහ.නමුත් "වරප්‍රසාදයේ මාතාවන්ගේ" බැතිය එම දේවස්ථානයේ තිබූ බැවින් සදාසරණයේ මාතාවන්ගේ පින්තූරය එම තාපසාරාමයේම පෞද්ගලික යාච්ඤා ගෘහයක තැන්පත් කරන ලදි.කාලයාගේ ඇවෑමෙන් මෙම පින්තූරය පිළිබඳව මතකය මිනිස්සු අතරින් ගිලිහී යන්නට විය.....



No comments:

Post a Comment